This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Wednesday, May 9, 2012

සීගිරියේ සඟවා දැමූ අභිරහස්



සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)

ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.

( උපුටගැනිමකි )

ජාතික ධජය




ජාතික ධජය ඇත අතීතයේ සිට පැවත එන්නක් වන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දක්වා විවිද වෙනස්කම් වලට භාජනයවී ඇත.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවත 1948 පෙබරවාරි 4 නිදහස ලැබීමත් සමග ලංකාවේ පළමු අගමැති වරයා බවට පත් වූ D .S සේනානායක මැතිතුමා විසින් ජාතික ධජය නැවතත් සංස්කරණය කිරීමට නව කොමිටියක් පත් කරන ලදී.

එම කොමිටිය විසින් 1950 පෙබරවාරි මාසයේදී සංස්කරණය කරන ලද, අද අප බාවිතා කරන සිංහ ධජය ශ්‍රී ලංකාවේ ජාතික ධජය ලෙස සම්මත කරන ලදී.

ජාතික ධජයෙන් නිරුපනය වන සංකේත වල අර්ථය මෙසේය.

සිංහයා - ජාතිය නිරුපනය කරය්.

සිංහයා අත රැදී අසිපත - රටේ ස්වෛරීයභාවය නිරුපනය කරය්.

රැලි සහිත සිංහයාගේ කොණ්ඩය - ආගමික බැදීම,නුවණ සහ ධ්‍යානය.

සිංහයාගේ රැවුල - වචනය ස්ථිර බව ,පිරිසිදු බව

අසිපතෙහි මිට - ජලය,වාතය,ගින්දර සහ පොළවෙහි ඇති සංඝටක

සිංහයාගේ නාසය - බුද්ධිමත් බව

සිංහයාගේ ඉදිරි පද යුගලය - ධනය නිසිලෙස, පරිසිදු ලෙස පාලනය කිරීම

සිරස් තැබිලි පැහැ තීරුව - ද්‍රවිඩ ජාතින්

සිරස් කොළ පැහැ තීරුව - මුස්ලිම් ජාතින්

වටා ඇති කහ පාට තීරුව - අනෙත් සියලු ජාතින්

බෝ කොළ හතර - බුදු දහමේ ගුණාංග වන කරුණාව, තුෂ්ටිය ,මිතුරු බව සහ උපේක්ෂාව නිරුපනය කරය්.

මෙරූන් පාට පසුබිම - අනෙත් සියලු ආගම්

පළමු වරට මෙම ජාතික ධජය ඔසවනු ලැබුවේ 1950 මාර්තු 3 වන දිනය.

සිගිරිය (සිංහගිර)

      සිගිරිය



මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිගිරිය (සිංහගිර) ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබද ජීවමාන නිදසුනකි.
සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් ලක් වූ මෙය ලෝකයේ අට වෙනි පුදුමය ලෙසට නම් කර තිබේ.
කාශ්‍යප රජු  විසින් නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකෙන මෙය මීට පෙර සන්ගාවසයක්ව පවතී බව කියවේ.
මහා වංශයේ සදහන් වන පරිදි, කාශ්‍යප එකල අනුරාධපුර රාජදානියේ රජකම් කල දාතුසේන රජුගේ මෙහෙසියකට දාව උපන් අතර අගමෙහෙසියගේ පුත්‍රයා වුයේ මොග්ගල්ලාන කුමාරයාය.
කාශ්‍යප අගමෙහෙසියගේ පුතකු නොවන හෙයින් රජකමට උරුමකම් කිවේ මොග්ගල්ලාන කුමාරයාය.
එහෙයින් කාශ්‍යප විසින් දාතුසේන රජු මරා පැනවිත් සිගිරිය තම රාජදානිය කරගෙන බලකොටුවක් ලෙස
නිර්මාණය කර ඇත.
කාශ්‍යප රජු මෙය මොග්ගල්ලාන ගෙන් අනාගතයේදී සිදුවිය හැකි ආක්‍රමණයන්ට සුදුසු වන ලෙස ඉතා
මැනවින් නිර්මාණය කර ඇත.
පිය රජුගේ මරණින් පසු වියරු වූ මොග්ගල්ලාන සේනාව රැස් කර සුදුසු වෙලාවක් බලා තම ආක්‍රමණය
සිදු කල අතර එහිදී කාශ්‍යප රජු සියදිවි හානි කර ගත බවට සදහන් වේ.
සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිලිබිබු වන මෙම අග්‍රගන්‍ය නිර්මාණය අදටත් විද්වතුන් මවිතයට
පත් කරන්නට සමත්ය.
සිගිරි පරවතය මුදුනේ නිර්මාණය කරන ලද වතුර මල් අදටත් සක්‍රියව පවතී.
සිගිරි කුරුටු ගී සහ බිටු සිතුවම් එදා රජකළ කාශ්‍යප රජුගේ කලා රසවින්දනය පිළිබද නිදසුනකි.
මෙවැනි ජාතික උරුමයන් මතු පරපුරටත් දායාද කිරීම අප කාගේත් යුතුකමකි.
සිංහලයන් වශයෙන් අපි සිගිරිය වැනි නිර්මාණ  ලෝකයට පෙන්වමින් ආඩම්බර වනවා සේම
මෙවන් වටිනා ස්ථාන ආරක්ෂා කිරීමට අප සැම කැපවෙමු.

Tuesday, May 8, 2012

ශ්‍රී රාවණ වංශය


ශ්‍රී රාවණ වංශය පිළිබද ..............

 මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.


රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර  නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

රාවණ රජතුමා


කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහා වහා ඉටු කල යුතුය.
කෙතරම් කැමැත්ත ඇති වුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කල යුතුය.

" රාවණ රජතුමා "


යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි.
රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි.
නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ.
පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති.
බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.
කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ. 
{ “ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ” ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී }
වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය.
මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ :
1.උපුල්වන්ගිරි දේශය – දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
2. රකුන්ගිරි දේශය – රිටිගල ප්‍රදේශය.
3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය – හබරන මහියංගන ප්‍රදේශය.
4. නීලගිරි දේශය – මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
5. ධූමක කද්දීර දේශය – කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
6. වාලුක දේශය – තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
7. බන්දු දේශය – නැගෙනහිර ප්‍රදේශය.
8. අග්නි දේශය – ගිනිකොණ ප්‍රදේශය.
9. වීලෝපාදි දේශය – බටහිර ප්‍රදේශය.
මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි.
වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි.  දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි.
යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය.
කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය.
එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ.
මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය. යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය.  මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය.
පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී.  වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය.
නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය.
මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ. නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී.  මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ. රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ.

බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි.
සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ.
යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය.
ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි.
ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය.

පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන
ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ. එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.
යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ.
එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි.
මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී.
සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි.
පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය. කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය,
කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය. යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි. පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි.
බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි.  එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය. පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති.  පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ
ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ.
පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.  ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි
නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය.  එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ
හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි.  මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි.
රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි. එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි.  ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත. දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය.
මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුවපත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය.
යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි.
බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. 
සුගුල දිග මැනීමේ ඒකකයයි.
සුග පළල මැනීමේ ඒකකයයි. 
වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.
1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි. සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති. වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය.

ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය.  රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය.  අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය.

රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි.
අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය. රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.

මානෑවේ විමලරතන හිමි
ත්‍රිපිටකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති